Monday, March 26, 2012

අම්මට ණයගැතියි..

අද දවල් මම ගෙදර 
උදේ 10ට විතර අම්මට සුප් එකක් හදලා දුන්නා..
ඒක හදන ගමන් මට මතක් උ‍නා අපේ පුංචි කාලේ..


ගෙදර අගහිගකම් තිබුන අමාරු දවස් වල 
අම්මා මට කියලා රු20ක් දිලා කියනවා සුප් එකකට 
එලවලු අරන් එන්න කියලා. එතකොට මට අවුරුදු 13ක් 
විතර. මමත් ඉතින් අරන් එනවා.
කැරට් අලයයි/බෝංචි කරල් දෙකයි/ ගෝවා කෑල්ලයි....
 මම හිතන්නෙ අම්මා බත් කාලා 
බොන්න සුප් හදන්නයි මේ ගෙනාවෙ කියලා..
ඒත් කෑම කාලා ඉවර උනාම අම්මේ කෝ සුප් කියලා අහනකොට
හිනාවෙලා කියනවා.. අපි වෙන දවසක සුප් හදමුකො කියලා..
එලවලු වෙන ‍වෙනම ගන්න සල්ලි නැති නිසා අම්මා සුප් එකකට 
කියලා එලවලු ගෙනැල්ලා ඒ සේරම එකට දාලා හොද්දක් හදලා 
දෙනවා..


අද අම්මට සුප් එක දෙනකොට මේක මම අම්මට කිව්වම 
අම්මා කිව්වා..
"පුතාට මතකට ඒ දවස්..?"
මම හිනාවෙලා කිව්වා 
"කිසිදෙයක් අමතක නෑ 
අම්මෙ.." කියලා.




කොහොම අමතක කරන්නද අම්මේ.
අම්මයි තාත්තයි
බඩට නොකා ලස්සනට නොඇද අපිට උගන්වන්න අම්මා 
කොච්චර නම් මහන්සි උනාද?


ගෙවල් දොරවල් හදන්න මහන්සි නොවී අපිට උගන්නන්න මහන්සි උනේ... 


ඒ නිසාම නෙවෙයිද අපි අද මෙහෙම ඉන්නෙ..


මම විතරක් නෙවී අපි තුන්දෙනාම කන හැම බත් ඇටයක් ගානෙ
හෙලන හැම සුසුමක් ගානෙම අම්මට ණයගැතියි..


අපි විතරක් නෙවී හැම දරුවෙක්ම එයාගේ අම්මට
ණයයි. ඒක මිල මුදල්වලින් ගෙවලා ඉවර කරන්න බෑ..

No comments:

Post a Comment