Wednesday, March 28, 2012

දඹදිව වන්දනාව....

අද උදේ ඉදන් අම්මා රෝද පුටුවට වෙලා ඉදගෙන ටීවී එකේ
බණ අහනවා..
බෞද්ධයා චැනල් එකේ දඹදිව වන්දනාවක් ගැන වැඩසටහනක්
යනවා..
අම්මා ඒක හරි ආසාවෙන් බලන් ඉන්නවා..
"අම්‍මව සනීප උනාම නංගිගේ වැඩ ඉවර උනාම මම අම්මව
දඹදිව එක්ක යන්නම්. "


"හා ඊට කලින් ඔයා මේ වැඩ ටික ඉවර කරගන්නකො."


"මතකද මම 2004 රට ඉදන් වැකේෂන් එනකොට
වීසාත් අරගෙන ආවෙ අම්මව එක්ක යන්න. කෝ ඉතින්
අම්මා කිව්වනේ මාසයක් මාත් එක්ක පුතා හිටියම
අක්කල නංගිල එක්ක කව්ද ඉන්නෙ කියලා "


"මතකයි මතකයි අපි පස්සෙ යමු. ට්‍රින්කෝ දුවගේ අම්මලත් එක්ක.
එයාල දැන් දෙසැරයක්ම ගියා නේද?"


"එයාලත් එක්ක යන්නෙ කො‍හොමද අපිත් එක්ක තරහවෙලානෙ
ඒ හැමෝම."


"ඒ ඔයත් එක්කනෙ. මාත් එක්ක තරහ නෑ කවුරුවත්."



"ඉතින් ඇයි මාත් එක්ක තරහ? මම මොනවද කලේ"


"එහෙම තමයි පුතා අම්මලා. දැන් චම්පි හරි බේබි හරි මම අකමැති කෙනෙක් එක්ක 
යාලු උනානම් මටත් ඒවගේ තරහක් දුකක් දැනේයි. ඒත් ඔයා හොද කෙනෙක් 
කියලා දැනගත්තම කැමති වෙයි. ඒ මොනවා උනත් කවදාවත් 
එයාලටත් දුකක් දැනෙන දෙයක් කරන්න එපා!"


"හරි හරි දැන් ඒ කතාව ඉවරයි.."




මම කතාව එතනින් අමතක කරලා දැම්මත් අම්මට ඇවිදගන්න
සනීප කරගන්න පුලුවන් උනොත් දඹදිව එක්ක යනවා කොහොම හරි.




No comments:

Post a Comment