Tuesday, October 16, 2012

හැම අම්ම කෙනෙක්ම...


අද වැඩ කර කර ඉන්නගමන් නදීශ නංගි කතා කරලා කිව්ව
එයාගෙ මල්ලි කැම්පස් එක වහලා තිබිලා ගොඩාක් දවස්
ගෙදර ඉදල අද කැම්පස් යනවා...
ඒක නිසා අම්ම අඩනවාලු හොදටම...
පවු හැම අම්මකෙනෙක්ම තමන්ගෙ දරුවන්ට
කොච්චර නම් ආදරෙයිද?
ඒ අතරිනුත් අම්ම කෙනෙක්ගෙ ආදරෙ වැඩියෙන්ම
ලබන්නෙ පුතෙක් කියල මම අත්දැකීමෙන්ම දන්නවා.

මට මගේ අම්මව මතක් උනා..
දවස් දෙකක නිවාඩුවට මම ගෙදර ගිය ගමන් අම්මගේ
මූනෙ හිනාවයි.. අයෙත් මම කොළඹ එනවා කියලා දැනගත්තම
කලින් දවසෙ පුතා ඔන්න ඔහෙ තව දවසක් ඉදල යන්න බැරිද කියල
අහනවා. මමත් කො‍හොම හරි තව දවසක් ඉන්නවා.
ඒත් ආයෙත් ඊලග දවසෙත් යන්න යනකොට අම්මගේ ඇස්වල කදුලු..
අම්ම ලගට වෙලා හැමදාම ඉන්න තියනවනම් අම්මට ඇති.

ඒත් ආයෙ කවද ඒ ආදරය මම ලබන්නද?
ජිවිතේ කවදාකවත් මිල කරන්න බැරි ඒ ආදරය කවද
කොහොම මම ලබන්නද?

3 comments:

  1. අකාලයේ මිය යෑම දුකක්.

    නමුත් ජීවිතේ අනිත්‍යයයි.

    අපි කාටත් ඔය දේ වෙනවා.

    දිගටම බ්ලොග් එක ලියන්න.

    ReplyDelete
  2. ලියන්න දිගටම

    ReplyDelete
  3. එක හුස්මට ඔක්කොම කියවල ඉවර කලා.. හරිම සන්වේදී අත්දැකීමක්....ඔයා හරිම හොද පුතෙක්..මගේ අම්මත් නැති වෙද්දි මට අවුරුදු 24 යි. කැම්පස් අන්තිම අවුරුද්ද මම හිටියෙ..අද වෙද්දි මමත් නන්ගිත් මල්ලිත් හොන්ඩ තැන් වල ඉන්නව..අම්මගෙ අඩුව කියල නිම කරන්න බැහැ. අපේ අම්මට තිබුනෙ ස්නායු රොගයක් හොන්ද කරන්න බෑරි. අපි හැම දෙම කලත් බේර ගන්න බෑරි උනා..

    දෑන් ඔයාගෙ ජීවිතය කොහොමද?...හොදින් ඉන්නව කියල හිතනවා..

    ReplyDelete