"පුතා අර ඇදේ ඉන්න ආච්චිට කෑම
නෑ වගේ..
ගෙදරින් ආවෙ නෑ අද උදෙත්.
ගිහින් මොනා හරි කන්න දෙන්න.
පිං සිද්ධ වෙනවානේ".
හවස කෑම අරන් ගිය ගමන්ම වයසක ආච්චි කෙනෙක්ව
පෙන්නලා අම්මා කිව්වා.
ඒ ආචිචි වැටිලා කකුල කැඩිලා.
මම අම්මට ගෙනිච්ච බිත්තර ආප්පයක් දුන්නා.
මේ පිනෙන් අම්ම මතු අත්බවයක වත් මෙවන්
ලෙඩ දුකකට පත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කලා.
ඒ ආච්චිට කෑම එක දිල එනකොට අම්ම කියනවා
"දැන් මම නොකෑවත් කමක් නෑ. මගේ බඩ පිරුනාවගෙ තමයි."
මම කිව්ව එහෙම හරියන්නෙ නෑ කියලා කොහොම හරි ඉදිආප්ප 2-3ක්
කවා ගත්ත මමයිට් එක්ක.
කැකිරාවෙ ගෙදර ඉන්නකොට කොච්චර වත් බඩගිනියි කියාගෙන එන
හිගන මනුස්සයෙක්වත් කෑම නොදී යවන්නෙ නෑ. අම්මගෙ බත් එක හරි
දීලා බඩගින්නෙ ඉන්නවා. අද ලෙඩ ඇදෙ ඉදන් හරි හිතන්නෙ අනික් කෙනාගෙ
බඩගින්න..
බුදුන් වගේ දාන පාරමිතාව පුරනවාද කොහෙද.
එහෙම හිතන අම්මට ඇයි මෙහෙම උනේ..
No comments:
Post a Comment