අද හවස 4.30 මම අම්මත් එක්ක කතා කරල ෆෝන් එක තිබ්බ විතරයි
අයෙත් 5ට විතර අක්ක කතා කරලා කිවුව අම්මා ටොයිලට් එකට යන්න
වීල් චෙයාර් එකට නගින්න යනකොට ඔපරේෂන් කරපු කකුලේ නෙවේ අනික් කකුලේ දනිසට උඩින් කැඩිල කියලා. තාත්තයි නංගියි දෙන්නම ගෙදර ඉද්දි.
මට හිතාගන්න බැරි උනා. කකුල කැඩෙන්න අම්මා ඇදෙන් වැටිල ද කියලා.
මම හිටියානම් මම වීල් චෙයාර් එකේ යන්න නොදි වඩාගෙන
ගිහින් කොමඩ් එකේ අම්මව තියනවානේ. අම්මා තාත්තට එහෙම යන්න ඕන කියලා
කියන්නෙ නැතිව තනිවම ඇදෙන් විල්චෙයාර් එකට මාරු වෙන්න ගිහින්
කකුල උස්සනකොට නිකම්ම කැඩිලා. අක්කා ගිහින් අයියත් එක්ක
ජනරල් හොස්පිටල් එකට එක්ක එනකොඩ මම ඔෆිස් ඉදන් කෙලින්ම
එතනට ගියා..
ඇස් දෙකට මෙහෙම දෙයක් දකින්න උනානේ..
අම්මගේ කකුල් කැඩිලා ඇතුලින් නැවිලා හොදටම..
ඒත් අම්මා ඉවසගෙන ඉන්නවා.. හරිම පුදුමයි..ඉස්පිරිතාලෙ හැමෝටම.!!
තාත්තා කලබල වෙන නිසා කොහොම හරි ඉවසගෙන හිටියෙ අම්මා..
මේ සතියෙ අවුරුදු. ලබන සතියේ සුදස්සි හාමුදුරුවන්ගෙ බණ.
මේ සේරම තියෙද්දි අම්මව ඔපරේෂන් එකට කවදා ගනීවිද දන්නෙ නෑ.
කලින් සැරේ වගේ පරක්කු වෙයිද දන්නෙ නෑ.
මේ සැරේ අම්මව ඩොක්ටර් පුංචිහේවාගේ වාට්ටුවට ඇතුල් කලේ.
අනේ මගේ අම්මව ඉක්මනින් හොදකරගෙන ගෙදර එක්ක යන්න ලැබෙන්න
කියලා මම කැලණි පංසලට භාර උනා..
මම වෙන මොනවා කරන්නද?
මේ වෙලාවෙ හැමෝම අසරණයි..
අම්මා අහනවා පුතා මට මේ සැරේ අවුරුද්ද මෙහෙම තමා
ඉන්න වෙන්නෙ නේද?
මම කිව්වා බලමු අම්මෙ ඉක්මනින් ඔපරේෂන් කලොත් ඉක්මනින්
යන්න පුලුවන් වෙයි කියලා..
No comments:
Post a Comment