බස් එකෙන් බැහල ඉස්පිරිතාලෙට යන කල්ම
මගේ මුනට හිනාවකින් සරසගන්න උත්සහ කරනවා.
ඒ මොනතරම් වේදනාවක් දැනුනත් අපිව දකින හැමතප්පරයකම
අම්මාගේ මුහුනෙ ඇදෙන ඒ සුපුරුදු හිනාවට ප්‍රති උත්තරයක් විදියට.
ඒත් අම්මා දන්නවනම් අම්මව දකින හැම තප්පරයකමත්
අපි මැරි මැරි උපදිනවා කියලා..
තව කොච්චරනම් කාලයකටද මේ හිනාව අපිට අයිති.
ජිවිතේ හැම දුකක්ම කරදරයක්ම ඉවසගෙන ඉන්න අපිටත්
තාත්තටත් මහමෙරක් උන අම්මගේ සැහැල්ලු බවේ සංකේතය
මේ සිනහව..තව ටික කාලයකින් අපිට දාලා යාවි.....෴
No comments:
Post a Comment