Friday, April 27, 2012
මනුස්සකම තාමා කවදා හරි ඉතිරි වෙන්නෙ.
ඊයෙ රෑ නංගි අම්මා ලග අක්ක දවල් එනවා කිව්වා.
ඒ අතරට ඉනොකා අක්ක අම්මව බලාගන්න ලග හිටියා.
පව් එයා නෑ කෙනෙක් වගේ අම්මව ආදරෙන් බලාගෙන.
අම්ම හරි කැමැත්තෙන් ඉදලා තියෙන්නෙ.
මම ඇහුවා අද ආපු අක්ක හොදයිද අම්මෙ කියලා
අම්මා කියනවා
"ඒ දුව නම් මගේ දරුවෙක් වගේ උදේ ඉදන් අපි කතා කර කර
හිටියා. බලන්න එයාගේ මොන්ටිසෝරි යන දරුවෙක් යාලුවෙකුට බලාගන්න
කියලා ඇවිත් තියෙන්නේ. එයා රට ඉද්දි එයාටයි මහත්තයටයි ගොඩාක් උදව් කරලු.
ඒක කවදාවත් අමතක කරන්න බැරිලු. ඒනිසා මහත්තයා කිව්වලු පැය ගානකට හරි රවි මල්ලිට
උදව් කරන්න කියලා. දැක්ක නේද පුතා මනුස්සකම තාමා කවදා හරි ඉතිරි වෙන්නෙ."
ඒකනම් ඇත්ත අම්මෙ. නෑයො ලග නැති මනුස්සකම පිට මිනිස්සු ලග තියනවා වෙලාවකට.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment